Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 16:29 - Sinhala Revised Old Version

29 බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 16:29
13 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ; එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.


බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.


එබැවින්, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදීගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.


ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.


නුඹ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් නුඹ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.


දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ නුඹේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට නුඹ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.


අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.


ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.


ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්