Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 14:33 - Sinhala Revised Old Version

33 නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 14:33
10 හුවමාරු යොමු  

මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.


එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය.


අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි;


ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.


බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි.


බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.


ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.


මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය;


දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.


ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්