Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 6:13 - Sinhala Revised Old Version

13 උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු ඒ දේව මාලිගාව ගොඩනඟා රජ කෙනෙකුට හිමි මහිමය ලැබ සිංහාසනයේ වැඩහිඳ ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ සිංහාසනය ළඟ පූජකයෙක් සිටින්නේ ය. ඔවුන් දෙදෙනා ම සමඟි සාමයෙන් එකට වැඩ කරනු ඇත.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු ඒ දේව මාලිගාව ගොඩනඟා රජ කෙනෙකුට හිමි මහිමය ලැබ සිංහාසනයේ වැඩහිඳ ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ සිංහාසනය ළඟ පූජකයෙක් සිටින්නේ ය. ඔවුන් දෙදෙනා ම සමඟි සාමයෙන් එකට වැඩ කරනු ඇත.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 6:13
45 හුවමාරු යොමු  

නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.


එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.


ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත.


තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.


මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.


ඔබගෙන් ලැබුණු ගැළවීම කරණකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය. ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක.


මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි.


උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදූතයෝද බලයලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත්කරනලද්දෝ වෙති.


යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.


ක්‍රිස්තුස්වහන්සේ තුළ කොලොස්සේ සිටින ශුද්ධවන්තයන්වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.


එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.


ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,


මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.


උන්වහන්සේ සිටගෙන ස්වාමීන්වහන්සේගේ බලයෙන් සහ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයේ මහිමයෙන්ද තමන් රැළ පෝෂ්‍යයකරනවා ඇත. ඔව්හු පවතින්නෝය; මක්නිසාද උන්වහන්සේ එකල පොළෝ සීමා දක්වා උතුම්ව සිටිනවා ඇත.


උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.


මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.


සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.


ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළෑටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ දවස්වලදීත් ඒ කාලයටත් මම දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැලෑටියක් ලියලවන්නෙමි; උන්වහන්සේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇත.


සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත.


ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ රජකමේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරන්නෙමි.


ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.


තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්