Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 3:4 - Sinhala Revised Old Version

4 දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි කියා–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 3:4
34 හුවමාරු යොමු  

නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.


මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.


නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.


සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.


එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


මෙන්න, යෝෂුවා ඉදිරියේ මා විසින් තබා තිබෙන ගල වූ ඒ එක ගල පිට ඇස් සතක් ඇත්තේය. මම්ම එහි කැටයම්කරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ඒ දේශයේ අපරාධය එක දවසකින් පහකරන්නෙමි.


මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.


අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.


මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.


එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත;


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; නුඹ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි.


තවද උත්තම පූජකයාවූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය.


සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.


මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.


එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.


තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය.


එහෙත් රජ්ජුරුවෝ අමුත්තන් දකින්ට පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑඳ සිටි මනුෂ්‍යයෙකු දැක:


පූජකයන් එහි ඇතුල්වුණාම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට-මළුවට නොයන්නෝය, සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍රද එහි තබන්නෝය; මක්නිසාද ඒවා ශුද්ධය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟගේ කාරණාවලට පැමිණෙන්නෝයයි කීවේය.


උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.


මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.


ඔහුගේ හිර ඇඳුම්ද මාරුකෙළේය. තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්