Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 2:9 - Sinhala Revised Old Version

9 එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහෙකළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “යම් ජාතියක් නුඹලාට පහර දුන්නොත්, එය සමිඳාණන් වහන්සේගේ ඇස් මෙන් වටිනා දෙයට පහරදීමකි. මම ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි. එක් කලෙක නුඹලා වහල් ව සිටි සෙනඟ නුඹලා විසින් කොල්ලකනු ලබති. මෙසේ සිදු වූ විට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “යම් ජාතියක් නුඹලාට පහර දුන්නොත්, එය සමිඳාණන් වහන්සේගේ ඇස් මෙන් වටිනා දෙයට පහරදීමකි. මම ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි. එක් කලෙක නුඹලා වහල් ව සිටි සෙනඟ නුඹලා විසින් කොල්ලකනු ලබති. මෙසේ සිදු වූ විට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 2:9
30 හුවමාරු යොමු  

ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.


තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.


සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත.


ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේවත් මූකළාන්වලින් ඒවා කපාගන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ආයුධවලින් ගිනි පත්තුකරන්නෝය. තමුන්ගෙන් කොල්ලකෑ අයින්ගෙන් කොල්ලකන්නෝය, තමුන්ගෙන් සම්පත් උදුරාගත් අයින්ගෙන් සම්පත් උදුරාගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ජාතීහු ඔවුන් කැඳවාගන ඔවුන්ගේ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෝය. ඉශ්‍රායෙල් වංශයද ස්වාමීන්වහන්සේගේ දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.


ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ ‍අත්ත සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක.


තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.


ඒක සිද්ධවුණාම මම උන්වහන්සේමයයි නුඹලා විශ්වාසකරන පිණිස ඒක පැමිණෙන්ට පළමුවෙන් මෙවක් පටන් නුඹලාට කියමි.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.


මක්නිසාද මනුෂ්‍යයන්ගේ ලේ නිසාත් දේශයටද නගරයටද එහි සියලු වාසීන්ටද කළ බලාත්කාරය නිසාත් ලෙබනොන්ට කළ බලාත්කාරය සහ මෘගයන් භයගැන්වූ උන්ගේ විනාශය නුඹ වසාගන්නේය.


නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.


සමාදානය ගැන අනාගතවාක්‍ය කියන අනාගතවක්තෘ කෙනෙක් ඇද්ද, ඒ අනාගතවක්තෘගේ වචනය ඉෂ්ටවුණාම ඔහු සැබවින් ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘකෙනෙකු බව පෙනීයන්නේයයි අනාගතවක්තෘවූ යෙරෙමියා කීවේය.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය;


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


උත්තමයන්ගේ දොරටුවලට ඇතුල් වන පිණිස ගස් නැති කන්දක් උඩ කොඩියක් ඔසවන්න, ශබ්දනගා ඔවුන්ට හඬගසන්න, අත වනන්න.


ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.


මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවු කාලයේ සිට ම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවූසේක.


ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය.


ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක දීප්තියද මවා තබනසේක. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.


එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.


ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.


එසේය, එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමඟ වනසේක, එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය; හබල්වලින් පදින නැවක් එහි නොයන්නේය, මහ නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය.


නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.


ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ නුඹට සදාකාල එළියක්ද නුඹේ දෙවියන්වහන්සේ නුඹේ තේජසද වනසේක.


බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?


මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.


ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්‍රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය.


සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්