Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 14:18 - Sinhala Revised Old Version

18 මිසර වර්ගය නැගීඑන්නේ නැත්නම් ඔවුන්ටත් වැසි වසින්නේ නැත; කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන ජාතීන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන පීඩාව ඔවුන්ටත් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 14:18
8 හුවමාරු යොමු  

මේ පීඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටළුවන්ටත් ඒ අන්දායම්වල සිටින සියලුම මෘගයන්ටත් පීඩාවක් වන්නේය.


යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂයවන්නේය.


මිසරයේ දඬුවමත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මේ සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක් ස්වාමීන්වහන්සේට කූඩාරම් මංගල්‍යය වන්නේය.


මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.


තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්