Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 14:16 - Sinhala Revised Old Version

16 තවද යෙරුසලමට විරුද්ධව ආවාවූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගීඑන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 14:16
42 හුවමාරු යොමු  

තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.


උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.


තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.


එසේම මේ කාලයේදීත් අනුග්‍රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.


මෙයින් පසු මම හැරී ඇවිත්, දාවිත්ගේ වැටුණාවූ මණ්ඩපය නැවත ගොඩනගා, එහි නටබුන් තැන් නැවත ගොඩනගා, ඒක පිහිටුවන්නෙමියි


එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය.


නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය.


එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය.


එහෙත් මිසර දේශයේ පටන් මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මංගල්‍ය දවස්වලදී මෙන් මත්තටත් නුඹ කූඩාරම්වල වාසයකරවන්නෙමි.


මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


මෝවබ් පාළුවිය, ඔව්හු ඇගේ නුවරවලට ගියෝය, ඔහුගේ තෝරාගත් යෞවනයෝද මැරුම් කෑමට බැස ගියෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.


ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය.


සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.


පොළොවේ සියල්ලෝම ඔබට නමස්කාරකරන්නෝය, ඔබට ගී කියන්නෝය; ඔබගේ නාමයට ගී කියන්නෝයයි දෙවියන්වහන්සේට කියව්.


ඒ කාලයෙහි උස්වූ සිනිඳුවූ සෙනඟක්ව, මුලපටන් මේ දක්වා භයානක සෙනඟක්ව, මනින්නාවූ, පාගාදමන්නාවූ, ගංගාවලින් බෙදී තිබෙන දේශයක් ඇත්තාවූ ජාතියක්ව සිටින තැනැත්තන්ගෙන් සේනාවල ස්වාමීන්වහන්සේගේ නාම-ස්ථානය වන සියොන් කන්දට සේනාවල ස්වාමීන්වහන්සේ වෙතට තෑග්ගක් ගෙනෙනු ලබන්නේය.


ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.


ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්