Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 11:6 - Sinhala Revised Old Version

6 මක්නිසාද මම දේශයේ වැසියන්ට තවත් කරුණා නොකර, ඒ මනුෂ්‍යයන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා අතටත් තම තමාගේ රජු අතටත් අසුකරදෙන්නෙමි. ඔවුන් දේශය නටබුන්කර දමනවා ඇත, මම ඔවුන්ගේ අතින් ඔවුන් මුදා නොගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 11:6
37 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.


තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.


දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.


මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?


අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.


එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.


එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.


තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය.


මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.


ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.


තවද යූදා සහ ඉශ්‍රායෙල් අතරේ තිබුණු සහෝදරකම බඳින පිණිස බැඳුම් නම්වූ මාගේ අනික් සැරයටිය කඩාදැමුවෙමි.


එවිට මම කථාකොට: නුඹලා පෝෂණය නොකරන්නෙමි. නසින අය නසීවා; සිඳදමනු ලබන අය සිඳදමනු ලැබේවා; ඉතිරි අයද එකිනෙකාගේ මාංස කත්වයි කීමි.


ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට–ස්වාමීන්වහන්සේට ස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති.


මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි.


මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.


නුඹ කන නුමුත් තෘප්තියට නොපැමිණ, නුඹේ ඇතුළත හිස්ව තිබෙයි. නුඹ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; නුඹ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.


දැන් ඇගේ ප්‍රේමවන්තයන්ගේ ඇස්වලට ඇගේ සල්ලාලකම පෙන්වන්නෙමි, කිසිවෙක් මාගේ අතින් ඈ නොගළවන්නේය.


ඈ නැවත ගර්භිණීව දුවෙකු බිහිකළාය. ස්වාමීන්වහන්සේද: ඈට ලෝ-රුහාමා යන නම තබන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට කමාවන ලෙස ඔවුන්ට නැවත තවත් අනුකම්පා නොකරන්නෙමි.


එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.


ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.


සෙනඟ එකිනෙකාගෙන්ද තම තමාගේ අසල්වාසියාගෙන්ද පීඩා විඳින්නෝය. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩඟුකම් පාන්නෝය.


බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.


වැඩකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති. ඔවුන් අතින් අප ගළවාගන්ට කෙනෙක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්