Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 11:2 - Sinhala Revised Old Version

2 එම්බා දේවදාර වෘක්ෂය, කෑමොරගසන්න, මක්නිසාද කිහිරි ගස වැටුණේය, උත්තමයෝ නාස්තිවුණෝය. බාෂාන්හි අලෝන වෘක්ෂ, කෑමොරගසන්න, මක්නිසාද දුර්ග වනය හෙළාදමනු ලැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 11:2
12 හුවමාරු යොමු  

මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක.


සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්‍රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඔව්හු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමයෝය, ඉශ්‍රායෙල් වංශයද ඔවුන් ළඟට එන්නෝය.


ජාතීන් අතරේ ඔහුගේ සෙවනෙහි වාසයකළාවූ, ඔහුගේ හස්තයව සිටියාවූ තැනැත්තෝද කඩුවෙන් මැරුම්කෑ අය ළඟට ඔහු සමඟ පාතාලයට බැස්සෝය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගන, නුඹේ වචනය දකුණු දෙසට පිටෝතුකර, දකුණු පළාතේ වනයට විරුද්ධව අනාගතවාක්‍ය කියා,


බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.


ලෙබනොන්, නුඹේ කිහිරි ගස් ගින්නෙන් දාලායන පිණිස නුඹේ දොරවල් අරින්න.


එඬේරුන්ගේ ඓශ්වර්යය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෑමොරගැසීමේ හඬ ඇසෙන්නේය. යොර්දානේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්