Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 11:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ නැවත අඥාන එඬේරෙකුගේ ආයුධ අරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 11:15
10 හුවමාරු යොමු  

අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද?


අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද?


ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!


නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.


මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්