Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 11:12 - Sinhala Revised Old Version

12 මමද: නුඹලාට හොඳව පෙනේනම් මාගේ කුලිය දෙන්න; නැත්නම් නොදී සිටින්නැයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන රිදී තිහක් කිරාදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මම ඔවුන් අමතා, ‘මට කුලිය දෙන්න යුතු යයි නුඹලාට සිතේ නම් එය දෙන්න, නැත්නම් එය තබා ගන්නැ’යි කීමි. එවිට ඔව්හු මට රිදී කාසි තිහක් කුලී වශයෙන් කිරා දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මම ඔවුන් අමතා, ‘මට කුලිය දෙන්න යුතු යයි නුඹලාට සිතේ නම් එය දෙන්න, නැත්නම් එය තබා ගන්නැ’යි කීමි. එවිට ඔව්හු මට රිදී කාසි තිහක් කුලී වශයෙන් කිරා දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 11:12
16 හුවමාරු යොමු  

ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.


ගවයා වැඩකාරයෙකුට හෝ වැඩකාරියකට හෝ ඇන්නොත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ෂෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය.


මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.


යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,


ආහබ් නාබොත්ට කථාකොට: නුඹේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට එලවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් නුඹට දෙන්නෙමි. නොහොත් නුඹ කැමතිනම් එය වටිනා මිල නුඹට දෙන්නෙමියි කීවේය.


ඒ කාරණය රජුටත් මුළු සභාවටත් හරිව පෙනුණේය.


එවිට: ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමහරුන් විසින් මිල කරනලද තැනැත්තාගේ වටිනාකම වූ රිදී මිල තිහ රැගෙන,


ස්වාමීන්වහන්සේ මට නියමකළ ලෙස කුම්භකාරයාගේ පිට්ටනියට ඒවා දුන්නෝය යන අනාගතවක්තෘවූ යෙරෙමියා විසින් කියන ලද කාරණාව සම්පූර්ණවිය.


ආබ්‍රහම් එප්‍රොන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරාදුන්නේය.


එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.


මම වනාහි අනාතෝත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල්ගෙන් මිලේටගෙන, එහි මිල වන රිදී ෂෙකෙල් දහහතක් ඔහුට කිරාදුනිමි.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්ත්‍රියෙක් නම් නුඹේ නියමකිරීම ෂෙකෙල් තිසක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්