Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 2:7 - Sinhala Revised Old Version

7 තවද මුහුදුබඩ පළාත යූදා වංශයේ ඉතිරි අයට ලැබී, ඔවුන් එහි මෘග රැළවල් පෝෂ්‍යකරනවා ඇත. සවස ඔව්හු අෂ්කෙලොන්හි ගෙවල්වල නිදාගන්නෝය; මක්නිසාද ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් දෙස බලා ඔවුන්ගේ වහල්කම පහකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 2:7
42 හුවමාරු යොමු  

මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුවෙහි නුඹලාගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.


මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක.


එම්බා යාකොබ්, මම සැබවින් නුඹලා සියල්ලන් රැස්කර, ඉතුරු ඉශ්‍රායෙල්වරුන් එකතුකර, බොශ්රාහි බැටළුවන්මෙන් ඔවුන් එක්කාසුකරන්නෙමි. ගොදුරු බිම මැද සතුන් රැළක් මෙන් මිනිසුන් රාශිය නිසා ඝෝෂාවක් වන්නේය.


තවද දකුණු දිශාවේ අය ඒසව්ගේ කඳුකරයත් පාත රටේ අය පිලිස්තිවරුන්ගේ රටත් හිමිකරගන්නවා ඇත. ඔවුන් එප්‍රායිම් කෙත් හා සමාරියේ කෙත්ද බෙන්යමින්වරුන් ගිලියද්ද හිමිකරගන්නවා ඇත.


යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.


මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේම මේ කාලයේදීත් අනුග්‍රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.


නුමුත් පිලිප් අසෝතසේදී දක්නාලද්දේය. ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශකෙළේය.


එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කථාකොට: නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසාට බහින පාරට යන්නැයි කීවේය. එය කාන්තාර පාරක්ය.


එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.


සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද නුඹ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී නුඹ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්ගේ අතින් නුඹ මුදාගන්නසේක.


මනුෂ්‍යයෝ බෙන්යමින් දේශයෙහිත් යෙරුසලම අසල ස්ථානවලත් යූදාහි නුවරවලත් කඳු රටේ නුවරවලත් පාත රටේ නුවරවලත් දකුණු දිශාවේ නුවරවලත් කෙත් මිලේටගෙන, ඔප්පු අත්සන්කොට, මුද්‍රකර, සාක්ෂිකාරයන් කැඳවාගන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.


එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න.


මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.


ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.


ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක.


යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය.


ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ටත් යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාටත් සෙනඟගෙන් අනික් අයටත් කථාකොට මෙසේ කියන්න:


එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි භයවූවෝය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.


එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය.


සේනාවල දෙවියන්වහන්ස, හැරී අවමැනව, ස්වර්ගයේ සිට ඇස් යොමා මේ මිදිවැලද


ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.


මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.


ගාසාට මුඩුකම පැමිණියේය; අෂ්කෙලෝන් සහ ඔවුන්ගේ මිටියාවතෙන් ඉතිරි පංගුව නාස්තිවිය. නුඹ කොපමණ කල් ශරීරය කපාගන්නෙහිද?


මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, නුඹටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.


ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.


ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්