Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 1:17 - Sinhala Revised Old Version

17 ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන්මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන්ද ඔවුන්ගේ මාංසය කසළ මෙන්ද වගුරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන් ද මළකඳන් කසළ මෙන් ද විසුරුවනු ලබන්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන් ද මළකඳන් කසළ මෙන් ද විසුරුවනු ලබන්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 1:17
41 හුවමාරු යොමු  

නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.


කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්,


ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.


නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.


නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.


මක්නිසාද සහෝදරයෙනි, නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන පිණිස, මේ අභිරහස නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි, එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඉශ්‍රායෙල්වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය.


ඉශ්‍රායෙල් සොයන දේ ඔහු ලබා නොගත්තේය; තෝරාගනු ලැබූවන්ට එය ලැබුණේය, සෙස්සෝ දැඩිකරනු ලැබුවෝය.


ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.


ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය; මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසීමි. අනේ සියලු ජනයෙනි, අසා මාගේ ශෝකය බලන්න. මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය.


මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක.


යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය. ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති. එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි.


එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.


මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම මේ වතාවේදී දේශයේ වැසියන් වීසිකර දමමි, ඔවුන්ට දැනීයන පිණිස ඔවුන් විපතට පමුණුවමි.


නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.


නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ දේ නුඹට පමුණුවා ගත්තේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මාර්ගයෙහි ගෙනෙන කල නුඹ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් පියෙවූසේක; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද වැසූසේක.


නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.


ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.


පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.


මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.


ඇගේ ලේ වැසී නොයන හැටියට, පළිගන්න පිණිස කෝපය ඇවිස්සවීමට, මම ඒවා පස් නැති පර්වතය උඩ තැබීමි.


අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්