Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:46 - Sinhala Revised Old Version

46 තමුන්ගෙන් වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් අතරේ විවාදයක් හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි ඔවුන් අතර විවාදයක් හට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:46
13 හුවමාරු යොමු  

මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත.


පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.


වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.


සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;


නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්