Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:40 - Sinhala Revised Old Version

40 ඔහු දුරුකරන මෙන් ඔබවහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලුවෙමි; නුමුත් ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ඔහු දුරු කරන ලෙස ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලීමි. එහෙත් ඔවුන්ට නොහැකි වී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

40 ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත් ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ඔහු දුරු කරන ලෙස ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලීමි. එහෙත් ඔවුන්ට නොහැකි වී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:40
7 හුවමාරු යොමු  

එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී,


උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;


ගෙහාසී ඔවුන්ට ඉස්සරව ගොස් සැරයටිය ළමයාගේ මුහුණ පිට තැබුවේය; නුමුත් කිසි හඬක්වත් සැලකීමක්වත් නොවීය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමගට හැරී ඇවිත්: ළමයා පිබිදුණේ නැතැයි ඔහුට දැන්නුවේය.


ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැත්තාවූ හිතුවක්කාර පරම්පරාව, මම කොපමණ කල් නුඹලා සමඟ සිට නුඹලා ගැන ඉවසම්ද? නුඹේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්