Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:39 - Sinhala Revised Old Version

39 ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඔහුට ආත්මයක් ආවේශවෙයි, ඔහු හදිසියේ ම මොරගසයි. ඒ ආත්මය ඔහු පෙණ දමවමින්, සලිත කොට, බොහෝ සේ තළා පෙළා මිස, පහසුවෙන් ඔහු කෙරෙන් වෙන් ව නොය යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 බලන්න, ආත්මයක් ඔහුට වැහී, හිටි හැටියේ කෑ මොර දෙයි; කටින් පෙණ දමන තුරු හොඳටෝම ඔහු වෙවුලවයි; දරුවාට බොහෝ වධ දී මිස, ලෙහෙසියෙන් ඉවත්ව නො යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ඔහුට ආත්මයක් ආවේශවෙයි, ඔහු හදිසියේ ම මොරගසයි. ඒ ආත්මය ඔහු පෙණ දමවමින්, සලිත කොට, බොහෝ සේ තළා පෙළා මිස, පහසුවෙන් ඔහු කෙරෙන් වෙන් ව නොය යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:39
11 හුවමාරු යොමු  

මක්නිසාද ඒ මනුෂ්‍යයාගෙන් දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධාත්මයට අණකළසේක. අශුද්ධාත්මය වනාහි නොයෙක් වර ඔහු අල්ලාගත් බැවින්, දම්වැල්වලින්ද විලංගුවලින්ද බැඳ ඔහු රැකවල්කරනලද්දේය; ඔහු වනාහි බැඳුම් කඩාදැමුවේය, යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එලවනලද්දේය.


යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.


එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය.


එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දුටු කෙණෙහිම ආත්මය ඔහු තදින් වෙවුලෙවුවේය; ඔහු බිම වැටී, පෙණදමමින්, පෙරළි පෙරළී හුන්නේය.


පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන් යන නම ඔහුට ඇත්තේය.


සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.


නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.


ඒ ආත්මය, ඔහුට ආවේශවන කොතැනකදී නුමුත්, ඔහු බිම හෙළන්නේය. එවිට ඔහු පෙණදමා, දත්මිටිකා, දුර්වලවේගන යන්නේය. ඒ ආත්මය දුරුකරන ලෙස මම ඔබවහන්සේගේ ගෝලයන්ට කීයෙමි; නුමුත් ඔවුන්ට බැරිවියයි කීවේය.


සමූහයා අතරෙන් එක්කෙනෙක් මොරගසමින් කියනුයේ: ආචාරිනි, මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය.


ඔහු දුරුකරන මෙන් ඔබවහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලුවෙමි; නුමුත් ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්