Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:9 - Sinhala Revised Old Version

9 උන්වහන්සේගේ ගෝලයෝ මේ උපමාව කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “ඒ උපමාවේ තේරුම කිමෙ‍ක් දැ”යි උන් වහන්සේගෙන් විමසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 ඒ උපමාවේ අරුත කුමක්දැයි ගෝලයෝ උන්වහන්සේගෙන් විමසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “ඒ උපමාවේ තේරුම කිමෙ‍ක් දැ”යි උන් වහන්සේගෙන් විමසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:9
9 හුවමාරු යොමු  

උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.


එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න.


එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය.


දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.


උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.


එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය.


එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්