Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:54 - Sinhala Revised Old Version

54 නුමුත් උන්වහන්සේ ඇගේ අත අල්ලා: යෞවනිය, නැගිටින්නැයි ශබ්දනගා කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

54 එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:54
15 හුවමාරු යොමු  

ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.


උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.


මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.


උන්වහන්සේ ගෙදරට ආ කල, පේතෘස්ද යොහන්ද යාකොබ්ද යෞවනීගේ පියාද මවුද හැර වෙන කාටවත් තමන් සමඟ ඇතුල්වෙන්ට අවසර නුදුන්සේක.


නුමුත් යේසුස්වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිටෙවුසේක; එවිට ඔහු නැගිට සිටියේය.


උන්වහන්සේ අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්, ඔහුගේ ඇස්වලට කෙළගසා, ඔහු පිට අත් තබා: ඔබට යමක් පෙනේදැයි ඔහුගෙන් ඇසූසේක.


උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.


නුමුත් සමූහයා පිටකරනු ලැබූ විට උන්වහන්සේ ඇතුල්වී, ඇගේ අත ඇල්ලූසේක;


(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.


ඔව්හු ඈ මළ බව දැන, උන්වහන්සේට නින්දා වශයෙන් සිනාසුණෝය.


එවිට ඇගේ ආත්මය හැරී ඇවිත්, ඈ එකෙණෙහිම නැගුටුණාය. ඈට කන්ට දෙන ලෙස උන්වහන්සේ අණදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්