Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:49 - Sinhala Revised Old Version

49 උන්වහන්සේ කථාරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට කරදර නොකරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී ම, ධර්මශාලා නායකයාගේ ගෙදරින් කෙනෙක් අවුත්, “ඔබේ දුව මළා ය; ගුරුදේවයන් නොවෙහෙසන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

49 උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ කෙනෙක්, “ඔබේ දියණිය මිය ගියා. තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්න එපා” යි දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී ම, ධර්මශාලා නායකයාගේ ගෙදරින් කෙනෙක් අවුත්, “ඔබේ දුව මළා ය; ගුරුදේවයන් නොවෙහෙසන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:49
9 හුවමාරු යොමු  

එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගියසේක. උන්වහන්සේ ගෙට නුදුරුව සිටිද්දී සියයකට මුලාදෑනියා උන්වහන්සේ ළඟට මිත්‍රයන් යවා: ස්වාමිනි, වෙහෙස නූව මැනව. ඔබ මාගේ පියස්ස යටට එන්ට මම නොවටිමි.


නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය.


ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද?


උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය.


නුමුත් යේසුස්වහන්සේ ඒක දැන: කුමට නුඹලා මේ ස්ත්‍රීට කරදරකරනවාද? ඈ මට යහපත් ක්‍රියාවක් කළාය.


එකල සිනගෝගයේ මුලාදෑනීන්ගෙන් කෙනෙක්වූ යායිරස් නැමැත්තෙක් ඇවිත් උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්