Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:9 - Sinhala Revised Old Version

9 එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සබත් දවසේදී යුතුවන්නේ යහපතක් කිරීමද? නොහොත් නපුරක් කිරීමද? ප්‍රාණයක් ගැළවීමද? නොහොත් නැතිකිරීමදැයි නුඹලාගෙන් අසමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එකල ජේසුස් වහන්සේ, “සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 එවිට යේසුස්වහන්සේ, “මා ඔබෙන් අහන්නේ, සබතේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතයක් ගැලවීම ද? වැනසීම දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එකල ජේසුස් වහන්සේ, “සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:9
7 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ උත්තරදෙමින්: සබත් දවසේදී සුවකරන්ට යුතුද නැද්දැයි ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද ඇසූසේක.


ඔවුන්ට කථාකොට–සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.


එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.


නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: නැගිට මැද සිටින්නැයි වියළි අත ඇති මනුෂ්‍යයාට කීසේක. ඔහු නැගිට මැද සිටියේය.


තවද උන්වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටකර බලා, ඔහුට කථාකොට: නුඹේ අත දිගුකරන්නැයි කීසේක. ඔහු එසේ කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්