Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:34 - Sinhala Revised Old Version

34 නුඹලා නැවත ලබන්ට බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම් නුඹලාට කවර ස්තුතියක්ද? පව්කාරයෝ පවාදුන් පමණ නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 ඔබ ණයට දෙන්නේ ආපසු ගැනීමේ අදහසින් නම් එහි ඇති පලේ කුමක් ද? පව්කරුවෝ පවා සියල්ල ආපසු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පව්කරුවන්ට ණයට දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:34
5 හුවමාරු යොමු  

නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.


නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.


නුඹලාට යහපත කරන්නන්ටම නුඹලාත් යහපත කරනවානම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා එසේම කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්