Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:2 - Sinhala Revised Old Version

2 එවිට ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: සබත් දවසේදී නොකටයුතු දෙයක් නුඹලා කරන්නේ මක්නිසාදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 එවිට පරිසිවරු ඇතමෙක් ප්‍රශ්න කරමින්, “මොකද ඔබ සබතේදී නීති විරෝධී දෙයක් කරන්නේ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:2
14 හුවමාරු යොමු  

ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.


යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය.


එවිට ඵරිසිවරු කථාකොට: මෙන්න, සබත් දවසේදී නොකටයුතු දේ මොවුන් කරන්නේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.


එවිට ඔව්හු උන්වහන්සේට කථාකොට: යොහන්ගේ ගෝලයෝ නොයෙක්වර නිරාහාරව සිට යාච්ඤා ඔප්පු කරති. ඵරිසිවරුන්ගේ ගෝලයොත් එසේමය; නුමුත් ඔබගේ ගෝලයෝ කමින් බොමින් සිටිතියි කීවෝය.


නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,


සදවසක් වැඩකළ යුතුය, එහෙත් සත්වෙනි දින නුඹලාට ස්වාමීන්වහන්සේ උදෙසා ගරුමයවූ නිවාඩුවේ සබතක් වන ශුද්ධවූ දවසක්ව තිබෙන්ට ඕනෑය. එදින කිසි වැඩක් කරන කවරෙක් නුමුත් මරනුලබන්නේය.


සදවසක් වැඩ කළ යුතුය; එහෙත් සත්වෙනි දවස ස්වාමීන්වහන්සේට ශුද්ධවූ ගරුමයවූ නිවාඩුව වන සබතක්ය. සබත් දවසේදී යම් වැඩක් කරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය.


මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙන යම් මෘගයෙකු හෝ ප්‍රවේසම්කිරීමට භාරදුන් කල්හි කිසිවෙකුට නොපෙනී ඌ මළොත් නොහොත් තුවාලකරනු ලැබුවොත් නොහොත් පන්නා අල්ලාගනු ලැබුවොත්,


ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්