Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:7 - Sinhala Revised Old Version

7 ඇවිත් තමුන්ට උපකාරකරන්ට අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔව්හු සංඥාකළෝය. ඔව්හු ආ කල්හි, ගිලෙන තරමට ඔරු දෙකම පුරවාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 එබැවින් ඔවුහු, උදව්වට එන ලෙස, අනෙක් ඔරුවේ තම හවුල්කරුවනට සංඥා කළහ. ඔවුන් ද අවුත්, මසුන් කොතෙක් පටවා ගත්තේ ද යත්, ඔරු දෙකම පිරී, ගිලෙන්නට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:7
9 හුවමාරු යොමු  

එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.


එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න.


ඔහු සාවුල් සොයන්ට තාර්සස්ට ගොස්,


බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.


නුඹට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට නුඹ ඔහුට උදව්විය යුතුමය.


ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය.


ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය; ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන්ගත්තේය;


සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්