Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 5:23 - Sinhala Revised Old Version

23 වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකර තිබේයයි කීමද? නොහොත්–නැගිට ඇවිදින්නැයි කීමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:23
6 හුවමාරු යොමු  

එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.


වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීමද? නොහොත්: නැගිට ඇවිදින්නැයි කීමද?


අංශභාග රෝගියාට–නුඹේ පව් කමාකරනලදැයි කීමෙනුත්–නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි කීමෙනුත් වඩා පහසු කෝකද?


යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද?


නුමුත් පොළොවෙහිදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසය කියා, උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට: නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට යන්නැයි නුඹට කියමියි කීසේක.


එවිට උන්වහන්සේ: නුඹේ පව් නුඹට කමාකරනලදැයි ඈට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්