Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 4:29 - Sinhala Revised Old Version

29 නැගිට, උන්වහන්සේ නුවරින් පිටත දමා, උන්වහන්සේ පහතට හෙළන පිණිස තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දරට ගෙනගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 නැගිට, නගරෙන් පිටතට උන්වහන්සේ පන්නා, ඔවුන්ගේ නගරය ගොඩ නගා තිබූ කන්ද අද්දරට උන්වහන්සේ ගෙන ගියහ. එසේ කළේ, ප්‍රපාතයට උන්වහන්සේ හෙළා දමන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:29
13 හුවමාරු යොමු  

එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.


එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක.


නුමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවාවූ මනුෂ්‍යයෙක් වන මා මරන්ට දැන් නුඹලා සොයහුය. ආබ්‍රහම් එසේ නොකළේය.


නුඹලා ආබ්‍රහම්ගේ වංශය බව දනිමි; එහෙත් නුඹලා තුළ නිදහස්ලෙස ක්‍රියාකරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින්, මා මරන්ට සොයහුය.


දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.


ස්වාමීන්වහන්සේද: ඒ මනුෂ්‍යයා සැබැවින් මරනු ලැබිය යුතුය. මුළු සභාව කඳවුරෙන් පිටතදී ගල්ගසා ඔහු මරත්වයි මෝසෙස්ට කීසේක.


යූදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ.


සියල්ලෝ ඒ අසා, සිනගෝගයෙහිදී ක්‍රෝධයෙන් පිරී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්