Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 4:22 - Sinhala Revised Old Version

22 සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිතව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:22
20 හුවමාරු යොමු  

මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොමදැයි කීවෝය.


ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක.


සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ.


ලජ්ජාවන පිණිස නුඹේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.


ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොටගෙනද කළ කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකිවිය.


සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය.


මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.


විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.


ඔහුගේ මුඛය ඉතා මිහිරිය. එසේය, ඔහු මුළුමනින්ම ප්‍රියකරුය. යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා මේ ආකාරය, මාගේ මිත්‍රයා මෙබන්දෙක්ය.


කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.


ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.


සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව. ඔබගේ දකුණත ඔබට භයානක කාරණා උගන්වන්නේය.


උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ.


ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි.


ඔව්හු උන්වහන්සේ දැක මවිතවූවෝය. උන්වහන්සේගේ මෑණියෝ: පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුයයි කීවාය.


උන්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවීයයි කීසේක.


පිලිප් නතානියෙල් දැක: යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බවූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රවූ නාසරිය යේසුස්යයි ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්