Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 4:13 - Sinhala Revised Old Version

13 යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා, කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 යක්ෂයා මෙ‍කී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 මෙසේ සෑම පරීක්ෂාවක්ම නිම කළ යක්ෂයා සුදුසු අවස්ථාවක් එන තෙක් උන්වහන්සේ වෙතින් ඉවත්ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 යක්ෂයා මෙ‍කී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:13
6 හුවමාරු යොමු  

එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.


මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.


තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;


එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය; බලව, දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථානකළෝය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේයයි කීසේක.


එවිට යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට හැරී ආසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතළව ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්