Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 3:11 - Sinhala Revised Old Version

11 ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේම කරත්වා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 3:11
22 හුවමාරු යොමු  

නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?


යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,


යේසුස්වහන්සේ ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදාදෙන්න, එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුවයන්ට එන්නැයි ඔහුට කීසේක.


යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.


අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.


එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.


එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.


එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.


මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.


කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය.


ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.


ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.


මක්නිසාද යූදස් මුදල් පසුම්බිය දැරූ බැවින්, මංගල්‍යයට ඕනෑ දේ මිලේට ගන්න, නොහොත් දිළිඳුන්ට යමක් දෙන්න කියා යේසුස්වහන්සේ ඔහුට කීසේකැයි සමහරු සිතුවෝය.


සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.


කිසිවෙකුට පීඩා නොකොට, ණය ගැන ගත් උකස නැවත දුන්නේ නම්, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර ඇන්දෙවුවේ නම්,


සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.


මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,


මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්