Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:7 - Sinhala Revised Old Version

7 එවිට පිලාත් උන්වහන්සේ හෙරොද්ගේ නඩුකාර පළාතට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වලදී යෙරුසලමේ සිටි බැවින් ඔහු වෙතට උන්වහන්සේව යැවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:7
9 හුවමාරු යොමු  

පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,


ඒ පැයේදීම ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඇවිත්: මෙයින් අහක්ව ගිය මැනව. මක්නිසාද හෙරොද් ඔබ මරන්ට කැමතිව සිටින්නේයයි උන්වහන්සේට කීවෝය.


එසමයෙහිදී දේශාධිපතිවූ හෙරොද් යේසුස්වහන්සේගේ කීර්තිය ගැන අසා:


මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය.


නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්‍රසන්නකළාය.


එකල උන්වහන්සේගේ නාමය ප්‍රසිද්ධවූ බැවින්, හෙරොද් රජ ඒ අසා: යොහන් බව්තීස්ත මළවුන්ගෙන් නැගුටුණේය, එබැවින් මේ ආශ්චර්ය බලය ඔහු තුළ ක්‍රියාකරන්නේයයි කීවේය.


සිද්ධවූ සියල්ල ගැන දේශාධිපතිවූ හෙරොද් අසා බොහෝ වියවුල්වුණේය. මක්නිසාද සමහරෙක්: යොහන් මළවුන්ගෙන් නැගුටුණේය කියාත්,


පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය.


කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්