Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:5 - Sinhala Revised Old Version

5 නුමුත් ඔව්හු: මොහු ගලීලයේ පටන් මෙතැන දක්වා යුදය මුළුල්ලෙහි උගන්වමින්, සෙනඟ කලඹනවායයි වඩා තදින් කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “මොහු ගලීලයේ සිට මෙ‍තැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “මොහු ගලීලයේ සිට මෙ‍තැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:5
24 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.


පසුවදා උන්වහන්සේ ගලීලයට පිටත්ව යන්ට අදහස්කොට පිලිප් දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.


යොහන් පාවාදෙනු ලැබුවායින් පසු යේසුස්වහන්සේ ගලීලයට පැමිණ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය දේශනාකරමින්:


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.


එනම් ගලීලය පටන් යුදය මුළුල්ලෙහි පතළාවූ වචනය වන, යොහන් විසින් ප්‍රකාශකරනලද බව්තීස්මයට පසු,


නුමුත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරගසා, තමුන්ගේ කන් වසාගෙන, එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස්,


ඔව්හු ඒ දේ ඇසූ විට, අනිනලද සිත් ඇතුව, ඔහුට විරුද්ධව දත්මිටිකෑවෝය.


ඔව්හු ඒ අසා, අතිශයෙන් කෝපවී, ඔවුන් මරන්ට අදහස්කළෝය.


එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.


ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.


අන් සමහරෙක්: මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි කීවෝය. එහෙත් සමහරෙක්: කිමෙක්ද, ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් එනසේක්ද?


නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය.


උන්වහන්සේ එතැනින් පිටත්ව ආ කල්හි ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේ ගැන රැක සිට, උන්වහන්සේගේ මුඛයෙන් යමක් අසුකරගන්න පිණිස උන්වහන්සේ තදලෙස පොළඹවා,


මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය.


නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය.


මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.


මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය; ඔව්හු මාගේ අත්පා සිදුරුකළෝය.


තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:


යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාට අණකොට නිමකළ පසු එතැනින් පිටත්ව, ඔවුන්ගේ නුවරවල උගන්වන්ටද දේශනා කරන්ටද ගියසේක.


පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්