Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:3 - Sinhala Revised Old Version

3 පිලාත්ද: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: එසේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 පිලාත් කතා කරමින්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. “එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එසේ කියනවා” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 පිලාත් කතා කරමින්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. “එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:3
14 හුවමාරු යොමු  

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,


නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.


ඔවුන් සියල්ලෝ: එසේ නම් නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයාදැයි ඇසුවෝය. උන්වහන්සේද: ඒ මම බැවින් නුඹලා කියන්නහුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද: තවත් සාක්ෂි අපට කුමටද?


නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි පිලාත් උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ උත්තරදෙමින්: නුඹ කියන්නෙහියයි ඔහුට කීසේක.


යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය.


යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය.


අප විසින් දැක අදහන පිණිස ඉශ්‍රායෙල්ගේ රජවූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දාකළෝය.


යුදෙව්වරුන්ගේ රජ්ජුරුවනි, ඔබට ශුභසිද්ධවේවයි කියා, උන්වහන්සේට ආචාරකරන්ට පටන්ගත්තෝය.


යේසුස්වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි සිටිසේක. නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි ආණ්ඩුකාරයා උන්වහන්සේගෙන් ඇසුවේය. එසේයයි යේසුස්වහන්සේ කීසේක.


එබැවින් පිලාත් ඔවුන් වෙතට පිටතට ගොස්: මේ මනුෂ්‍යයාට විරුද්ධව මොන වරදක් තබවුදැයි ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්