Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:19 - Sinhala Revised Old Version

19 බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 (මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනීමැරීමක් සම්බන්ධව සිරගත කරන ලද්දෙකි.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:19
7 හුවමාරු යොමු  

මෙසේ නුඹලා ශුද්ධවූ ධර්මිෂ්ඨවූ තැනන්වහන්සේව එපාකොට, මිනීමරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා,


නුමුත් ඔව්හු: මොහු ගලීලයේ පටන් මෙතැන දක්වා යුදය මුළුල්ලෙහි උගන්වමින්, සෙනඟ කලඹනවායයි වඩා තදින් කීවෝය.


ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.


කැරළිගසා, ඒ කැරළි ගැසීමේදී මිනීමැරූ මිනිසුන් සමඟ බඳිනු ලැබූ බරබ්බස් නම් කෙනෙක් විය.


නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය.


පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය;


එසේ නම් මේ දවස්වලට පළමුවෙන් කැරලිගස්වා මිනීමරන්නන් සාරදහසක් වනයට ගෙන ගියාවූ මිසරයා නුඹ නොවේදැයි ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්