Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 21:37 - Sinhala Revised Old Version

37 උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක්, රැය ගත කිරීමට ඔලීව නම් වූ කන්දට පිටත්ව ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:37
15 හුවමාරු යොමු  

එවිට උන්වහන්සේ පිටත්ව, තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක; ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය.


සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක.


ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත.


උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.


ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්:


එකල ඔව්හු යෙරුසලමට සමීපවූ, සබත් දවසක ගමන් දුරවූ ඔලීව නම් ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය.


යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියාට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය.


උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන:


පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී, උන්වහන්සේට බඩගිනිවිය.


ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය.


ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත, එවිට ඔලීව කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැළී, ඉතා මහත් මිටියාවතක් වන්නේය; කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනික් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත.


මම දේව මාළිගාවේ උගන්වමින් දවස්පතා නුඹලා සමඟ සිටියෙමි, නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් ලියවිලි සම්පූර්ණවෙන පිණිස මෙසේ සිදුවීයයි කීසේක.


තවද උන්වහන්සේ ඔලීව නම්වූ කන්ද ළඟ බෙත්පාගයටද බෙතානියටද සමීපවූ කල, තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:


උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය.


යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ නොයෙක් වර එහි ගිය බැවින්, උන්වහන්සේ පාවාදුන් යූදස් ඒ ස්ථානය දැනගෙන සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්