Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:46 - Sinhala Revised Old Version

46 දිග උතුරු සළු ඇඳ ඇවිදීමට කැමතිවූ, වෙළඳාම්පළවලදී ආචාරවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද ආශා ඇති,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 “දිග උතුරු සළු හැඳ සක්මන් කිරීමට කැමැති, වෙළඳ පොළේ දී ගෞරවාචාරවලට ද ධර්මශාලාවල දී ප්‍රධාන ආසනවලට ද මංගල භෝජනවල දී ප්‍රධාන ස්ථානවලට ද ඇලුම් කරන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 “දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 “දිග උතුරු සළු හැඳ සක්මන් කිරීමට කැමැති, වෙළඳ පොළේ දී ගෞරවාචාරවලට ද ධර්මශාලාවල දී ප්‍රධාන ආසනවලට ද මංගල භෝජනවල දී ප්‍රධාන ස්ථානවලට ද ඇලුම් කරන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:46
14 හුවමාරු යොමු  

ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය.


කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්:


ඒ අතරතුරේදී, ඔවුනොවන් පෑගෙන තරම් සමූහයාගෙන් දහස් ගණන් රැස්ව සිටියදී, උන්වහන්සේ පළමුකොට තමන් ගෝලයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා ඵරිසිවරුන්ගේ වංචා නැමති මුහුන්වලින් ප්‍රවේසම්වෙන්න.


යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක.


මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත.


ඔහු අතිශයින් අපගේ වචනවලට විරුද්ධව සිටිය නිසා නුඹත් ඔහුගෙන් ප්‍රවේසම්වෙන්න.


සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;


මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.


උන්වහන්සේ: ඵරිසිවරුන්ගේ මුහුන්වලිනුත් හෙරොද්ගේ මුහුන්වලිනුත් ප්‍රවේසම්වෙන්ට බලාගන්නැයි ඔවුන්ට අණකළසේක.


එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට:


වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්