Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:36 - Sinhala Revised Old Version

36 මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔව්හු දේවදූතයන් හා සමානවෙති; නැවත-නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

36 ඉන්පසු මියෙන්නට ඔවුන්ට නුපුළුවන; මන්ද ඔවුහු දේව දූතයින්ට සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයින් වීමෙන්, ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:36
20 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.


සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.


මක්නිසාද නැවත–නැගිටීමේදී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත, එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති.


පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.


මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගුටුවනු ලැබේ.


ඔහු මට කථාකොට: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්‍රොපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්නැයි කීවේය.


නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.


මක්නිසාද ඔව්හු මළවුන්ගෙන් නැගිටින කල සරණපාවාගන්නේවත් සරණපාවාදෙන්නේවත් නැතුව ස්වර්ගයේ දේවදූතයන් මෙන් වෙති.


අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.


උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍


අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්