Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:34 - Sinhala Revised Old Version

34 යේසුස්වහන්සේද: මේ ලෝකයේ දරුවෝ සරණපාවාගනිති, සරණපාවාදෙනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ යුගයේ පුත්‍රයෝ ආවාහ කර ගනිති; විවාහ කරදෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:34
7 හුවමාරු යොමු  

අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.


නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා මනුෂ්‍යයෝ කමින්, බොමින්, සරණපාවාගනිමින්, සරණ පාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශකළේය.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.


යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.


සත්දෙනාම ඈ සරණපාවාගත් බැවින්, නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්