Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:29 - Sinhala Revised Old Version

29 ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 ඉදින් සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කරගෙන දරු පල නො ලැබ මිය ගියා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:29
4 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.


මනුෂ්‍යයෙක් තමාගේ මහම්මා නොහොත් කුඩම්මා සමඟ සයනයකළොත් ඔහු තමාගේ මවුගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරයාගේ හෝ නග්නභාවය හැරීයේය; ඔවුන් තමුන්ගේ පාපය දරා දරුවන් නොලැබ මැරෙනවා ඇත.


ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.


දෙවෙනියාත් තුන්වෙනියාත් ඈ පාවාගත්තෝය; සත්දෙනාම එසේම දරුවන් නොලැබ මැරුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්