Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:28 - Sinhala Revised Old Version

28 ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කරගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 “ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:28
6 හුවමාරු යොමු  

යූදා ඕනාන්ට කථාකොට: නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ටකර නුඹේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.


යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.


එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.


ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්