Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:25 - Sinhala Revised Old Version

25 එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 “එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 එවිට උන්වහන්සේ, “එසේ නම්, සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 “එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:25
11 හුවමාරු යොමු  

එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.


පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.


එවිට යේසුස්වහන්සේ: කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දෙන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු උන්වහන්සේ ගැන බොහෝසෙයින් පුදුමවූවෝය.


කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි ඔවුන්ට කීසේක.


නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක.


මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.


යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.


එහි තිබෙන රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්