Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:24 - Sinhala Revised Old Version

24 එහි තිබෙන රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එහි තිබෙන රූපයත් සටහනත් කාගේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ” යයි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 “මට ඩිනාරියක කාසියක් පෙන්වන්න; මෙහි ඇති රූපයත්, කොටා ඇති සටහනත් කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එහි තිබෙන රූපයත් සටහනත් කාගේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ” යයි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:24
14 හුවමාරු යොමු  

එහෙත් ඒ දාසයා පිටත්ව ගොස්, තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණයවූ එක්කෙනෙකු දැක, ඔහු අල්වා, ඔහුගේ බෙල්ල මිරිකාගෙන: ණය ගෙවන්නැයි කීවේය.


සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති.


අග්‍රිපා පෙස්තුස්ට කථාකොට: මේ මනුෂ්‍යයා කායිසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව මුදාහරින්ට පුළුවන්ව තිබුණේයයි කීවේය.


ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට, මුළු ලෝකයෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෞදියස්ගේ දවස්වලදී සිදුවිය.


ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.


කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,


තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.


ඔහු දවසකට මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමඟ පොරොන්දුව, තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය.


මේ රූපයත් සටහනත් කාගේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.


එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන: මට මස්සක් පෙන්වන්න.


එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.


ඔව්හු ගෙනාවෝය. උන්වහන්සේද: මේ රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්