ලූක් 20:10 - Sinhala Revised Old Version10 ඵල අවස්ථාවේදී ගොවියන් විසින් මිදි වත්තේ ඵල කොටස ඔහුට දෙන පිණිස ඔහු ඔවුන් ළඟට දාසයෙකු යැවීය. නුමුත් ගොවීහු ඔහුට තළා, ඔහු හිස් අතින් ඇරියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 පල නෙළන කාලයේ දී, මිදි වත්තේ අස්වැන්නෙන් කොටසක් ගොවීන්ගෙන්, ලබන රිසියෙන්, ඔහු දාසයකු ඔවුන් වෙත යැවී ය. එහෙත් ගොවීහු ඔහුට තළා පෙළා ඔහු හිස් අතින් හැරියෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 නිසි කල පැමිණි විට, මිදි වත්තේ පලවලින් කොටසක් ඔවුන් තමාට ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත සේවකයකු යැවී ය. එහෙත් බදුකරුවෝ ඔහුට තළා, හිස් අතින්ම ආපසු හැරියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 පල නෙළන කාලයේ දී, මිදි වත්තේ අස්වැන්නෙන් කොටසක් ගොවීන්ගෙන්, ලබන රිසියෙන්, ඔහු දාසයකු ඔවුන් වෙත යැවී ය. එහෙත් ගොවීහු ඔහුට තළා පෙළා ඔහු හිස් අතින් හැරියෝ ය. පරිච්ඡේදය බලන්න |
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.