Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:1 - Sinhala Revised Old Version

1 තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:1
10 හුවමාරු යොමු  

තවද ඔව්හු සෙනඟද වැඩිමහල්ලන්ද ලියන්නන්ද කලඹා, ඔහුට විරුද්ධව ඇවිත් ඔහු අල්ලා මන්ත්‍රණ සභාවට ගෙනැවිත්:


ඔවුන් සෙනඟට කථාකරද්දී පූජකයෝද දේවමාළිගාවේ සේනාපතියාද සද්දුසිවරුද සෙනඟට ඔවුන් ඉගැන්වූ බැවිනුත්,


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.


ඉන්පසු උන්වහන්සේ දේශනාකරමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශකරමින්, නුවරවලත් ගම්වලත් සංචාරණයකළසේක; උන්වහන්සේ සමඟ ගෝලයෝ දොළොස්දෙනාද,


ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත.


නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්