Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:5 - Sinhala Revised Old Version

5 යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 යේසුස්වහන්සේ එතැනට පැමිණ, ඉහළ බලා, “සාකෙවුස්, ඉක්මනින් බිමට බහින්න. අද මා ඔබේ නිවසේ නවාතැන් ගත යුතු යැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:5
17 හුවමාරු යොමු  

මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.


ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.


ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: පිලිප් නුඹ කැඳවන්ට පළමුවෙන්, අත්තික්කා ගස යට නුඹ සිටියදී නුඹ දුටිමියි කීසේක.


ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.


මම නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර ඉන්නවා දැක: නුඹ නුඹේ ලේවල වැතිර ඉන්දදී ජීවත්වෙයන්නැයි නුඹට කීවෙමි; එසේය, ජීවත්වෙයන්නැයි නුඹේ ලේවල වැතිර ඉන්දැද්දී නුඹට කීවෙමි.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.


සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්,


උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය.


ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්