Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:48 - Sinhala Revised Old Version

48 මුළු සෙනඟ උන්වහන්සේගේ වචන ඇලුම්කමින් ඇසූ බැවින්, උන්වහන්සේට කිසිවක් කරන්ට ඔවුන්ට නොලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

48 එහෙත් එය කළ හැකි මඟක් ඔවුන්ට නො වීය; මන්ද මුළු ජනතාව උන්වහන්සේගේ වචනවලට තදින් ඇලුම් වී සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:48
8 හුවමාරු යොමු  

වතුර දොරටුව ඉස්සරහපිට තිබුණු එළිමහන් ඉඩම ඉදිරිපිට සිට, පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම්ගන්ට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේදී පහන් වේලාවේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේය; මුළු සෙනඟද ව්‍යවස්ථාපොතට ඇහුම්කන් දුන්නෝය.


තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක.


උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය.


තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්