Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:29 - Sinhala Revised Old Version

29 තවද උන්වහන්සේ ඔලීව නම්වූ කන්ද ළඟ බෙත්පාගයටද බෙතානියටද සමීපවූ කල, තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 උන්වහන්සේ ඔලීව යයි හැඳින් වූ කන්ද අසල, බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:29
11 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.


එකල ඔව්හු යෙරුසලමට සමීපවූ, සබත් දවසක ගමන් දුරවූ ඔලීව නම් ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය.


ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත, එවිට ඔලීව කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැළී, ඉතා මහත් මිටියාවතක් වන්නේය; කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනික් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත.


උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.


එවිට උන්වහන්සේ පිටත්ව, තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක; ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය.


උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.


උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන:


නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූවිට, කිසි කලෙක මනුෂ්‍යයෙකු නොනැගුණාවූ කොටළු පැටවෙකු එහි බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය. ඌ ලිහා ගෙනෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්