Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:13 - Sinhala Revised Old Version

13 ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට පවුම් දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙ‍යින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ඔහු තමාගේ සේවකයින් දහ දෙනකු කැඳවා, ඔවුන්ට මසු දහයක් දී ‘මා ආපසු එන තුරු මෙයින් වෙළඳාම් කරන්නැ’ යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙ‍යින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:13
15 හුවමාරු යොමු  

යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:


දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්:


ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.


තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.


එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත පහක් ගෙනැවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත පහක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත පහක් උපදවාගතිමියි කීවේය.


තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත දෙකක් උපදවාගතිමියි කීවේය.


එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි.


එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය.


එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්