Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:9 - Sinhala Revised Old Version

9 තවද තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළුකළාවූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාවද කියනසේක්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 තමා ධර්මිෂ්ඨ යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:9
22 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.


තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.


මට ළංනොවී ඈතින් සිටින්න, මම නුඹට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.


එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.


උන්වහන්සේව කැඳවාගත් ඵරිසියා ඒ දැක: මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතා ගත්තේය.


මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.


ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.


ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.


එවිට උන්වහන්සේ මට කථාකොට: පිටත්වෙන්න. මක්නිසාද මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමියි කීසේකැයි කීවේය.


ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.


ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය.


යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.


ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය කියා කොඳුළෝය.


මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.


ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.


කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක.


සත්වෙනි දින ඔහු ලපය බලාවා. එවිට කබොල්ල පැතිර නොගොස් එහි කහවන් මයිල් නැතුව කබොල්ල හමට වඩා පහත් නැති බව පෙනේ නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්