Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:39 - Sinhala Revised Old Version

39 පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටුකළෝය. නුමුත් ඔහු ශබ්ද නගා: දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි තව වඩ වඩා මොරගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 පෙරටුවෙන් ගමන් කළෝ නිශ්ශබ්ද වන ලෙස ඔහුට තරවටු කළෝ ය. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනව” යි මොර ගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:39
16 හුවමාරු යොමු  

ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.


ඔව්හු තමුන්ගේ ළදරුවන් පිට උන්වහන්සේගේ අත් තබාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටුකළෝය.


ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි.


එවිට සමූහයා අතරෙන් සමහර ඵරිසිවරු: ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනවයි උන්වහන්සේට කීවෝය.


ඔහුද: යේසුස්වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි මොරගැසුවේය.


තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:


ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.


උන්වහන්සේ කථාරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට කරදර නොකරන්නැයි කීවේය.


ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.


උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.


යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය.


යේසුස්වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්ට අණකළසේක. ඔහු ළඟට ආ කල:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්