Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:16 - Sinhala Revised Old Version

16 නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: ළදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, “ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙ‍බඳුවන්ගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 එහෙත් යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, “ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙ‍බඳුවන්ගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:16
14 හුවමාරු යොමු  

සහෝදරයෙනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.


මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් නුඹලාගේ දරුවෝ අපවිත්‍රය.


ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්,


පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද නුඹේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද,


මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,


දෙවියන්වහන්සේ තමාට අණ දුන් ලෙස ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක්ට අට දවසක් වයස්වූ කල්හි ඔහු චර්මඡේද්‍යයකෙළේය.


නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද නුඹ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,


මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය.


ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි.


එහෙත් යේසුස්වහන්සේ කථාකොට: දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න. මක්නිසාද ස්වර්ගරාජ්‍යය මෙබඳුවන්ගේයයි කීසේක.


ඔව්හු තමුන්ගේ ළදරුවන් පිට උන්වහන්සේගේ අත් තබාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටුකළෝය.


සැබවක් නුඹලාට කියමි–යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගන්නේද, ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්