Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:15 - Sinhala Revised Old Version

15 ඔව්හු තමුන්ගේ ළදරුවන් පිට උන්වහන්සේගේ අත් තබාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සමහරු උන් වහන්සේගේ අත්, ඔවුන් පිට තබවා ගනු පිණිස, තම ළදරුවන් පවා උන් වහන්සේ වෙත ගෙනාවෝ ය. ශ්‍රාවකයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 යේසුස්වහන්සේ ලවා අත් තබා ගන්නට, ඔවුන් ළදරුවන් උන්වහන්සේ වෙත ගෙන ආහ. ඒ දුටු ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සමහරු උන් වහන්සේගේ අත්, ඔවුන් පිට තබවා ගනු පිණිස, තම ළදරුවන් පවා උන් වහන්සේ වෙත ගෙනාවෝ ය. ශ්‍රාවකයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:15
7 හුවමාරු යොමු  

ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය.


උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය.


නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: ළදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.


ඔව්හු ගොනා මරා ළමයා ඒලී ළඟට ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්